Monday, May 15, 2017

පෞද්ගලික වෛද්‍ය ආයතන ගැන රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
 
ඉදිරියේ දී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයන්හි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම සඳහා වන කෙටුම්පත් සම්පාදනය මේ වන විට අවසන්ව ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ස්වාධීන ආයතනයක් විසින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
 
එමෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලය ලංකාව තුළ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කොට ඇත්තේ වසර 100කටත් පෙර බවත් රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ස්ථීරව කටයුතු කරන අතර ම වඩාත් හොඳින් මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
 
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් භූමියේ ආරක්ෂාව සඳහා බැඳී සිටින්නාක් මෙන් වෛද්‍යවරුන්ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටින බවයි.

No comments:

Post a Comment